එන්.එස්.බී.එම් ග්‍රීන් සත් සාමාජික රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ ඉසිපතන විදුහල සමත් වුණා. සත් සාමාජික රග්බි තරගාවලියට කණ්ඩායම් 16 ක් එක්ව සිටියා. වයස අවුරුදු 21 න් පහළ විවෘත තරගාවලියක් ලෙසයි එය පැවැත්වුණේ. අවසන් මහා තරගයේදී ලකුණු 47ට 7 ක් ලෙස විද්‍යාර්ථ විද්‍යාලය පරාජයට පත් කරමින් ශූරතාව දිනාගැනීමට කොළඹ ඉසිපතන විදුහල සමත් වුණා. මහනුවර ත්‍රිත්ව විදුහල පරාජයට පත් කරමින් තරගාවලියේ පළිහ ශූරතාව දිනාගැනීමට මරදාන ශාන්ත ජෝශප් විදුහල සමත් වුණා. බදුන ශූරතාව සදහා පැවති තරගයේදී කොළඹ මහානාම විදුහල පරාජය කිරීමට මහනුවර ශ්‍රී සුමංගල විදුහල සමත් වුණා. ගාල්ල ඇලෝසියස් විද්‍යාලය පරාජයට පත්කරමින් පළිහ ශූරතාව දිනාගැනීමට කොළඹ ආනන්ද විදුහල සමත් වුණා.