fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බෞද්ධ සාහිත්‍ය උලෙළ 14දා BMICH හිදී

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2018 10:10

බෞද්ධ සාහිත්‍ය උලෙළ 14දා BMICH හිදී

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය 12 වැනි වරට සංවිධානය කරනු ලබන බෞද්ධ සාහිත්‍ය උලෙළ 2018 සැප්තැම්බර් මස 14 වැනි දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතයි.එදින ප.ව 2.30ටයි උත්සවය ආරම්භ කිරීමට සැළසුම් කර ඇත්තේ.

ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහානායක ස්වාමින්වහන්සේගේ මූලාසනයෙනුයි උළෙල පැවැත්වෙන්නේ.

බෞද්ධ සාහිත්‍ය උලෙළ සදහා බුද්ධශාසන ඇමති ගාමිණි ජයවික්‍රම පෙරේරා සහ  උසස් අධ්‍යාපන ඇමති ආචාර්ය විජේදාස රාජපක්ෂ මහත්වරු සහභාගී වීමට නියමිත බවයි සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතා පවසන්නේ.

මෙම උලෙළ දි සංස්කෘතික අංග මෙන්ම 2017 වෙනුවෙන් ප්‍රකාශයට පත් කළ බෞද්ධ ග්‍රන්ථ,පද්‍ය,සඟරා කලා විශිෂ්ට නිර්මාණ ඇගයිම සදහා ඒවා රචනා කළ සංස්කරණය කළ විද්වතුන් වෙත ප්‍රණාම පිරිනැමිමක් සිදුකෙරෙයි.

මෙම උලෙළෙ දී බෞද්ධ ශාස්ත්‍රීය,පර්යේෂණ ,පරිවර්තන,සංස්කරණ,දේශන වැනි කේෂ්ත්‍ර වෙත කරන ලද අද්විතීය සේවය අගයමින් ආචාර්ය එඩ්වින් ආරියදාස විද්වතාණන් මහාචාර්ය ගුණපාල මලලසේකර සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිතයි. එමෙන්ම සිය දිවි මඟෙහි බොදු සිතුවම් ඉදිරිපත් කිරිමෙන් සිදු කරන ලද අනභිභවනීය මෙහෙවර අගය කරමින් සුනිල් වීරකුමාර මහතා සොයිලියස් මැන්දිස් සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිත බව බෞද්ධ සාහිත්‍ය කෘති නිරික්ෂණ කමිටුවේ ප්‍රධානි ආචාර්ය ප්‍රනීත් අභය සුන්දර මහතා පවසනවා.

මෙයට අමතරව සිංහල ප්‍රකාශන 14ක් හා එක ඉංග්‍රීසි ප්‍රකාශනයක් සදහා සම්මාන පිරි නැමීමටද නියමිතයි.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2018 10:10

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්