fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය තෙල් කාන්දුවට හේතු සොයයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2018 19:23

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය තෙල් කාන්දුවට හේතු සොයයි

මුතුරාජවෙල ඛණිජ තෙල් අංගනයට නෞකාවල සිට තෙල් රැගෙන යන බෝයාවේ නලයක සිදු වූ කාන්දුව මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින්ද මෙම තෙල් කාන්දුව සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත්තේ තෙල් කාන්දුවට හේතු වූ කරුණු සොයා බැලීම සදහායි.

වත්තල, උස්වැටකෙයියාව, තල්දියවත්ත ප්‍රදේශයෙන් තෙල් කාන්දුව මුල් වරට සිදු වීම වාර්තා වූයේ පෙරේදා දිනයේයි. නාවික හමුදාව, යුද හමුදාව, වෙරළආරක්ෂක බලකාය සහ ස්වෙච්ඡා සංවිධාන එක්ව මුහුදු ජලයට එක් වූ තෙල් තට්ටු ඉවත් කිරීමට කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. මෙම කාර්ය සදහා ජපන් රජය මගින් සමුද්‍රිය ආරක්ෂාවට වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත පරිත්‍යාග කළ සමාරක්ෂා සහ සමුද්‍රරක්ෂා නෞකාද යොදා ගනිමින් මුහුදු ජලය මත ඇති තෙල් තට්ටු ඉවත් කිරීමේ කටයුතු සිදු කෙරෙමිනුයි පවතින්නේ. පරිසර හානිය අවම කරගනිමින් තෙල් තට්ටු ඉවත් කිරීමට කටයුතු කරන බව අදාළ අංශ පෙන්වා දෙනවා. අද දිනයේද උස්වැටකෙයියාව ප්‍රදේශයේ වෙරළ තීරයේ තෙල් තට්ටු තැන්පත්ව තිබූ ආකාරයයි මේ. මෙම තත්ත්වය පරීක්ෂා කිරීම සදහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා තෙල් කාන්දුව පරීක්ෂා කිරීමට  අද  එම ස්ථානයට ගියා.

මුහුදට එකතු වූ තෙල් තට්ටු මේ වන විටත් කඩිනමින් ඉවත් කිරීමේ කටයුතු අද පස්වරුවේත් සිදු කෙරෙමින් පැවතුණා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2018 19:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්