fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර දැඩි ඇප කොන්දේසි මත මුදා හැරේ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2018 15:41

විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර දැඩි ඇප කොන්දේසි මත මුදා හැරේ

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට ගල්කිස්ස මහසේත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

රුපියල් ලක්ෂ සියය බැගින් වූ ශරීර ඇප තුනක් මත සැකකරු මුදා හරින ලෙසයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ. එක් ඇපකරුවෙකු පවුලේ ඥාතියකු විය යුතුයි. ඔහුගේ වත්කම් සහතික ඉදිරිපත් කළ යුතු බවද මහේස්ත්‍රාත්වරිය නියෝග කළා. තවත් ඇපකරුවෙකු රජයේ විධායක නිලධාරියෙකු විය යුතු අතර ඔහු සියයට 12 ත් 24 ත් අතර බදු ගෙවිය යුතු අයෙකු බවටද නියෝග කෙරුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2018 15:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්