fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තුරුණු දිරියෙන් රත්නපුර දිස්ත්‍රික්කය පෙරමුණේ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2018 10:18

තුරුණු දිරියෙන් රත්නපුර දිස්ත්‍රික්කය පෙරමුණේ

ලංකා බැංකුව මගින් ක්‍රියාත්මක කරන ”තුරුණු දිරිය”ණය යෝජනා ක්‍රමය යටතේ තරුණ ව්‍යවසායකයින් 12 දෙනෙකු සඳහා ණය මුදල් නිදහස් කිරීම හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කය දිවයිනෙන් පෙරමුණ ගැනීමට සමත් ව සිටීනවා.

මෙය අනාවරණය වූයේ 2018 සැප්තැම්බර් මස 05 වැනි දින ලංකා බැංකුව මඟින් සතිපතා නිකුත් කරන ” තුරුණු දිරිය’‘ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ නවතම ප්‍රගති සමාලෝචන වාර්තාව මගිනි.

මේ අතර, දිවයින පුරා තරුණ ව්‍යවසායකයින් 105 දෙනෙකු සඳහා මේ වන විට “තුරුණු දිරිය” ණය ලබා දී තිබෙනවා. පළාත් වශයෙන් ණය මුදල් නිදහස් කිරීමෙන් බස්නාහිර පළාත තරුණ ව්‍යවසායකයින් 26 දෙනෙකු උදෙසා ණය මුදල් නිදහස් කිරීම හේතුවෙන්, පළාත් අතුරෙන් පෙරමුණ ගෙන සිටිනවා.

‘තුරුණු දිරිය” ණය යෝජනා ක්‍රමය දිවයින පුරා විවිධ ව්‍යාපාරවල නියැලී සිටින තරුණ ව්‍යවසායකයින් උදෙසා විශේෂයෙන්ම නිර්මාණය කර ඇති ණය යෝජනා ක්‍රමයක්. මේ තුළින් ඔවුන් මුහුණ දෙන ආර්ථීක බාධකවලට සාර්ථකව මුහුණ දෙමින් ඔවුන් සිහින දකින තම ව්‍යාපාරයේ දියුණුව උදෙසා ළඟා වීමට ඔවුනට හැකි වී තිබෙනවා.

ලංකා බැංකුව, අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ, මධ්‍යම වැඩසටහන් කළමනාකරණ ඒකකය සහ තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සමඟ එක්ව ක්‍රියාත්මක කරන “තුරුණු දිරිය”ණය යෝජනා ක්‍රමය රටේ තරුණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීම අරමුණ කරගෙන ක්‍රියාත්මක කරනු ලබන අතර එමගින් උපාධියක් සහිත හෝ පිළිගත් වෘත්තීය නිපුණතා සහතිකයක් සහිත, වසර 03 කට නොඅඩු කාලයක් ව්‍යාපාරයේ නියැලි තරුණ ව්‍යවසායකයින් උදෙසා ඇපකරුවන් රහිතව හෝ ලිහිල් ඇප සහිතව, අඩු පොලියක් යටතේ ණය පහසුකම් ලබාදෙයි.

දිවයින පුරා පිහිටි ලංකා බැංකු ශාඛාවලින් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගත හැකි වේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2018 10:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar174.31178.06
USA
Pound219.38226.29
UK
Euro195.48202.19
EU
Yen1.591.65
Japan
Yuan25.1126.28
China
Dollar120.42125.45
Australia
CountryCurrencyRate
Dinar467.71
Dinar580.41
Riyal457.99
Riyal48.42
Riyal47.01
Dirham48.00