fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික මහා ක්‍රීඩා පිහිනුම් ශුරතාව බස්නාහිර පළාතට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2018 09:43

ජාතික මහා ක්‍රීඩා පිහිනුම් ශුරතාව බස්නාහිර පළාතට

44 වැනි ජාතික මහා ක්‍රීඩා උළලේ පිහිනුම් තරගාවලියේ ශුරතාව දිනා ගැනිමට බස්නාහිර පළාත සමත් වුණා.

දින දෙකක් පුරා කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේ පැවති තරගාවලියට පළාත් අටක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙසිය අසු එක් දෙනෙකු සහභාගි වුණා. ඔවුන් ඉසව් තිස්තුනක් යටතේ යි තරග බිමට පිවිසියේ.එහිදි වැඩිම රන් පදක්කම් සංඛ්‍යාවක් දිනා ගත් බස්නාහිර පළාත තරගාවලියේ සමස්ත ශුරතාව දිනා ගත්තා. අනුශුරතාව හිමි වුයේ මධ්‍යම පළාතටයි. දක්ෂතම පිහිනුම් ශුරයා ලෙස බස්නාහිර පළාත නියෝජනය කළ අකලංක පිරිස් සම්මාන දිනා ගත්තා. දක්ෂතම පිහිනුම් ශුරිය වුයේ එම පළාතම නියෝජනය කළ ඉෂානි සේනානායකයි.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2018 09:43

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්