වියට්නාමයේ හැනොයි නුවර පැවැත්වෙන ආසියානු ලෝක ආර්ථික සමුළුවට සහභාගි වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් අද පිටත්ව ගියා. අග්‍රාමාත්‍යවරයා ඊට සහභාගි වන්නේ ලෝක ආර්ථික සමුළුවේ ආරාධනයකට අනුවයි.
ආසියාන් සංවිධානයට අයත් රටවල හා අනෙකුත් ආසියා රටවල ඉහළ පෙළේ නායකයින් හැනොයි සමුළුවට සහභාගි වනවා. කලාපීය අනාගත ආර්ථික පුරෝකථනය , ප්රවණතා හා අභියෝග පිළිබඳ සමුළුවේදී අවධානය යොමු කරනු ඇති. වියට්නාම අග්‍රාමාත්‍ය ග්යෙන් ෂුන් ෆුක් මහතා සමුළුවේ ආරම්භක සැසියේ පිළිගැනීමේ කතාව සිදු කිරීමට නියමිතයි. සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෑන් ලුං සහ චීන උප අග්‍රාමාත්‍ය හූ චුන්ග්වා යන මහත්වරුන් ද මෙහිදී අදහස් දක්වනවා. ආසියා රටවල නායකයින්ගේ සාකච්ඡා මණ්ඩපයක් ද මෙහිදී පැවැත්වෙනු ඇති. අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක , අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීන්ද වියට්නාම සංචාරයට එක්ව සිටිනවා.