fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාකිස්තානයේ 13 වැනි ජනාධිපති දිවුරුම් දෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 9, 2018 18:22

පාකිස්තානයේ 13 වැනි ජනාධිපති දිවුරුම් දෙයි

පාකිස්තානයේ 13 වන ජනාධිපතිවරයා ලෙස අරීෆ් අල්වි අද දිවුරුම් දුන්නා. පාකිස්තාන අගවිනිසුරු සකීබ් නිසාර් ඉදිරියේයි ජනාධිපතිවරයා දිවුරුම් දුන්නේ. පකිස්ථානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සහ මැතිඇමතිවරුන් ද හමුදා ප්‍රධානීන් මෙන්ම චීනය හා සෞදි රටවල රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් ද දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වුණා. පී ටී අයි පක්‍ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරයා ලෙස මැතිවරණයට ඉදිරිපත් වූ අරිෆ් අල්වි ජනාධිපති ධුරය සඳහා තෝරා ගනු ලැබුවේ පසුගිය 4 වැනි දා යි.

පී එම් එල් එන් පක්‍ෂය නියෝජනය කළ මම්නූන් හුසේන් ජනාධිපතිවරයාගෙන් අනතුරුව ඔහු මෙම ධුරය සදහා පත් වුණා. අරිෆ් අල්වි පාකිස්තානයේ රාජ්‍ය රූපවාහිනී ආයතනය වන පී ටී වී ආයතනයට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියේ ප්‍රධාන චූදිතයෙකු ද වනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 9, 2018 18:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්