fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනබලයේ අසාර්ථකත්වය කිරි පැකට්ටුවකින් වසාගන්න පුළුවන්ද?

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 9, 2018 19:33

ජනබලයේ අසාර්ථකත්වය කිරි පැකට්ටුවකින් වසාගන්න පුළුවන්ද?

ඒකබද්ධ විපක්ෂයේ විරෝධතාවේ අසාර්ථකත්වය කිරිපැකට්ටුවකින් වසා ගැනීමට උත්සාහ දැරීම ලැජ්ජාවට කරුණක් බව බොහෝ දෙනා පවසනවා.

ඒකාබද්ධ විපක්ෂය පැවැත්වූ විරෝධතාවට සහභාගී වූ පිරිසකට ලබා දුන් කිරි පැකට් පානය කිරීමෙන් ඊට සහභාගී වූ පිරිස් රෝගාතුර වීම පිළිබඳ ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතාට චෝදනා එල්ල කරනවා. ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් මුජුබර් රහුමාන් මහතා මෙම සියලු චෝදනා ප්‍රතික්ෂේප කළා. විරෝධතාවයේ අසාර්ථකත්වය වසා ගැනීමට කිරි පැකට්ටුවක් හෝ යොදා ගනිමින් ඒකාබද්ධ විපක්ෂය උත්සාහ දරන බවයි එම මාධ්‍ය හමුවට එක් වූ මුජුබර් රහුමාන් සහ නියෝජ්‍ය අමාතය රන්ජන් රාමනායක යන මහත්වරුන් ප්‍රකාශ කළේ. තමන්ට සිදු කරන චෝදනා සමබන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද මුජුබර් රහුමාන් මහතා පවසනවා.

 

ඒකාබද්ධ විපක්ෂයේ අසාර්ථකත්වය වසා ගැනීමට කුමන හෝ කරුණක් යොදා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළද විවේචන එල්ල වී තිබෙනවා. ඒවායේ සදහන් වන්නේ රාජපක්ෂලාගේ ජන බලයේ අසාර්ථකත්වය කිරි පැකට්ටුවෙන් වසා ගැනීම ලැජ්ජා සහගත බවයි. කිරි පැකට්ටු සිද්ධිය සම්බන්ධයෙන් බොහෝ දෙනා මේ වන විට සැක පළ කරන්නේ එය ඒකාබද්ධ විපක්ෂයේ කූට උපක්‍රමයක් බව තහවුරු වෙමින් පවතින බවයි.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 9, 2018 19:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්