fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආනන්ද – නාලන්ද සුලෝහිත සංග්‍රාමය අවසන්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 9, 2018 14:33

ආනන්ද – නාලන්ද සුලෝහිත සංග්‍රාමය අවසන්

කොළඹ ආනන්ද හා  නාලන්දා විදුහල් අතර වාර්ෂිකව පැවැත්වෙන සුලෝහිත සංග්‍රාමය වොලිබෝල් තරගාවලිය මෙවරද සාර්ථකව පැවැත්වුණා.

දසවන වරටයි මෙවර තරගාවලිය සංවිධාන කර තිබුණේ. කොළඹ රාජකීය විද්‍යාලයීය ගෘහස්ත වොලිබෝල් පිටියේ පැවති තරගාවලිය වයස් කාණ්ඩ 4ක් යටතේ පැවැත්වුණා. වයස අවුරුදු 14 සහ 16න් පහළ තරග සදහා නාලන්දා විද්‍යාලයෙන් කණ්ඩායම් ඉදිරිපත් නොවීම හේතුවෙන් එහි ජය ආනන්ද විද්‍යාලයට හිමිවුයේ නිතරගයෙන්.

වයස අවුරුදු 18න් පහළ තරගයේ ශූරතාව හිමි කර ගත්තේ ද ආනන්ද විද්‍යාලයයි. වයස අවුරුදු 20න් පහළ තරගයෙන් නාලන්දා විද්‍යාලය ශූරතාව හිමිකර ගත්තා. එහි දක්ෂතම වොලිබෝල් ක්‍රීඩකයා වූයේ  තිළිණ සමරසිංහයි. 18න් පහළ තරගයේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය අමිල සමරසිංහට හිමිවුණා. කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති එස් එම් කීර්තිරත්න සහ නාලන්දා විද්‍යාලයේ විදුහල්පති තිලක් මත්තුහේවා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 9, 2018 14:33

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්