fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කැඩුණු තෙල් නළයෙන් සිදුවන පරිසර හානිය නැවතීමට විශේෂ වැඩපිළිවෙළක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 9, 2018 12:53

කැඩුණු තෙල් නළයෙන් සිදුවන පරිසර හානිය නැවතීමට විශේෂ වැඩපිළිවෙළක්

සපුගස්කන්ද තෙල් පිරිපහදුවට ඛණිජතෙල් සපයන මුහුදේ ඇති බෝයාවේ නලයකට සිදුවූ  හානියක් හේතුවෙන් ඇතිවිය හැකි පරිසර හානිය අවම කිරීම සදහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි.

නලයට හානි සිදුවූ ස්ථානයෙන් ඛනිජ තෙල් නිකුත්වී ඒවා මුහුදු ජලයට එක්විම මේ වන විට නවතා තිබෙනවා. එම තෙල් වෙරළට හා විශේෂයෙන් දික්ඕවිට වරායට යොමු වුවහොත් ඒ සදහා ආරක්ෂක පියවර ගැනීමට  ද සැලසුම් කර තිබෙනවා. වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ දික්ඕවිට අනුඛණ්ඩයේ තෙල් විසිරුම් පාලන ඒකකයේ නිලධාරීන් මේ සදහා එක්ව සිටිනවා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 9, 2018 12:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්