fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රදේශ කිහිපයක සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 9, 2018 12:54

ප්‍රදේශ කිහිපයක සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි

අද දින සිට සැප්තැම්බර්මස 11දා දක්වා දිවයිනේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීම සදහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇති වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යමපළාත්වල තැනින් තැන සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් සමහර ස්ථාන වලට මි.මී. 50 ට වැඩිතරමක් තද වැසි ඇති විය හැක.දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධානවශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. (ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථා වලදී අයිස් වැසි ඇති වීමේ සුළු හැකියාවක් පවතී)

කන්කසන්තුරය සිට ත්‍රීකුණාමලයහරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයකසවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසිහෝගිගුරුම්සහිතවැසිඇති විය හැකිඅතරදිවයින වටා වන සෙසුමුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.දිවයින වටා වන මුහුදු ප්‍රදේශවලසුළං බස්නාහිර හෝ නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 25-35 පමණ වේ.මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලසුළගේ වේගය විටින් විට පැ.කි.මී. 45-50 දක්වා වැඩිවීමේ හැකියාවක් පවතී.එවිට, එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 9, 2018 12:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්