fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අගමැති හෙට වියට්නාමයට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 9, 2018 09:00

අගමැති හෙට වියට්නාමයට

වියට්නාමයේ හැනොයි නුවර පැවැත්වෙන ආසියාන් ලෝක ආර්ථික සමුළුවට සහභාගි වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් හෙට පිටත්ව යනවා. අග්‍රාමාත්‍යවරයා ඊට සහභාගි වන්නේ ලෝක ආර්ථික සමුළුවේ ආරාධනයකට අනුවයි.

ආසියාන් සංවිධානයට අයත් රටවල හා අනෙකුත් ආසියා රටවල ඉහළ පෙළේ නායකයින් හැනොයි සමුළුවට සහභාගි වනවා. කලාපීය අනාගත ආර්ථික පුරෝකථනය , ප්‍රවණතා හා අභියෝග පිළිබඳ සමුළුවේදී අවධානය යොමු කරනු ඇති. වියට්නාම අග්‍රාමාත්‍ය ග්යෙන් ෂුන් ෆුක් මහතා සමුළුවේ ආරම්භක සැසියේ පිළිගැනීමේ කතාව සිදු කිරීමට නියමිතයි. සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෑන් ලුං සහ චීන උප අග්‍රාමාත්‍ය හූ චුන්ග්වා යන මහත්වරුන් ද මෙහිදී අදහස් දක්වනවා. ආසියා රටවල නායකයින්ගේ සාකච්ඡා මණ්ඩපයක් ද මෙහිදී පැවැත්වෙනු ඇති. අමාත්‍ය මලික් සමරවික්‍රම , අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක , අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීන් වියට්නාම සංචාරයට එක්වන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 9, 2018 09:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්