fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සමෘද්ධි ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන සාර්ථකව

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 9, 2018 08:57

සමෘද්ධි ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන සාර්ථකව

සමෘද්ධි ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන මේ වන විට සාර්ථකව ක්‍රියාත්මකයි.

සමෘද්ධි සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන මගින් ගිණුම් හා ව්‍යාපාර පුහුණුව ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මකයි. දැනට ව්‍යාපාරවල නියැලෙන ව්‍යවසායකයින් සහ නව ව්‍යවසායකයින් 14,021 දෙනෙකු බැගින් මේ සඳහා යොදා ගැනෙනවා. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 332 ක් තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මකයි. සමෘද්ධි සංවර්ධන අමාත්‍යාංශය යටතේ මේ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් එක්කෝටි හැටහය ලක්‍ෂයක්. කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහාය ඇතිව මෙම පුහුණු වැඩසටහන් පැවැත්වෙනවා. මෙහිදී ආකල්ප සංවර්ධනය , නායකත්ව පුහුණුව , නව ව්‍යාපාර ප්‍රවණතා ආදිය පිළිබඳ දැනුම හා පුහුණුව ලබා දීම ද සිදුකෙරෙනවා. මෙම වැඩසටහන බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහළොව තුළ ද සාර්ථකව ක්‍රියාත්මකයි. එහි එක් වැඩසටහනක් වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කේන්ද්‍ර කර ගනිමින් පසුගියදා පැවැත්වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 9, 2018 08:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar198.50202.99
USA
Pound273.27282.08
UK
Euro233.75242.34
EU
Yen1.791.86
Japan
Yuan30.2331.50
China
Dollar144.54150.86
Australia
CountryCurrencyRate
Dinar530.50
Dinar665.11
Riyal519.49
Riyal54.37
Riyal53.31
Dirham54.44