fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිංගප්පුරු නිදහස් වෙළෙද ගිවිසුම අපට අහිතකර නෑ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 8, 2018 18:49

සිංගප්පුරු නිදහස් වෙළෙද ගිවිසුම අපට අහිතකර නෑ

සිංගප්පුරු නිදහස් වෙළෙද ගිවිසුමෙන් ශ්‍රී ලංකාවට කිසිදු අහිතකර බලපෑමක් නැති බව එක්සත් ජාතික පක්ෂ තරුණ වෘත්තියවේදින්ගේ සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි.

සිංගප්පුරු නිදහස් වෙළෙද ගිවිසුම ගැන විවිධ අදහස් තියෙනවා.  බිස්නස් ටයිම්ස් පුවත්පතේ සිංගප්පුරුවේ කසළ බැහැර කිරිමේ ගැටලු පිලිබදව පළ වී තිබුණා. ඒ ගැන ලංකාවේ ප්‍රචාරය වුණේ වැරදි අදහස්. ඒහෙ කුණු මෙහෙට අරගෙන එනවා කියලා තමයි වාර්තා කළේ. බැරි වේලාවත් වතුර ගැන ප්‍රශ්නයක් කතා කළානම් කියයි මෙහෙ වතුර සිංගප්පුරුවට අරගෙන යනවා කියලා. හැබැයි කවදාවත් සිංග්පුරුවේ කුණු ලංකාවට  ගෙන්නේ නැහැ.

මේ අතර මෙම නිදහස් වෙළෙද ගිවිසුම තුළින්  ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ රැසක් අත්වන බව මුදල් අමාත්‍යාංශයේ උපදේශක දේශාල් ද මෙල් මහතා මෙහිදි කියා සිටියා.

අපි අපනයනකරුවන් වෙනුවෙන් සේවාවන් රැසක් ඉටු කරලා තියෙනවා. ඒ සැපයුම් කාර්යන් වැඩි දියුණු කරන්න. විදේශ වෙළෙදපොළ අවශ්‍ය කරන පරිදි තරගකාරිත්වයට මුහුණදීමට අවශ්‍ය සේවා සහ ඒවාට අවශ්‍ය ගුණාත්මකබව වර්ධනය කිරිමට අවශ්‍ය නව තාක්ෂණය අපි හදුන්වා දී තිබෙනවා. අවශ්‍ය මුල්‍ය සහන ලබාදිමට කටයුතු කරගෙන යනවා. ශ්‍රී ලංකාව වගේ රටකට නිදහස් වෙළෙද ගිවිසුම මගින් ප්‍රතිලාභ රැසක් අත් කර ගන්න පුළුවන්. ඒ වගේම සෘජු විදෙස් ආයෝජන ශ්‍රී ලංකාවට ලබා ගන්නත් පුළුවන්. අලුතින් ව්‍යාපාර ආරම්භ කරන්න ඉන්න අයට මේක ලොකු අවස්ථාවක්.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 8, 2018 18:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්