fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ව්‍යවසායකත්ව වැඩසටහන් සාර්ථකයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 8, 2018 18:38

ව්‍යවසායකත්ව වැඩසටහන් සාර්ථකයි

සමෘද්ධි සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන මගින් ගිණුම් හා ව්‍යාපාර පුහුණුව ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මකයි. දැනට ව්‍යාපාරවල නියැලෙන ව්‍යවසායකයින් සහ නව ව්‍යවසායකයින් දාහතර දහස් විසි එක් දෙනෙකු බැගින් මේ සඳහා යොදා ගැනෙනවා. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 332ක් තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.

සමෘද්ධි සංවර්ධන අමාත්‍යාංශය යටතේ මේ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් එක්කෝටි හැටහය ලක්‍ෂයක්. කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහාය ඇතිව මෙම පුහුණු වැඩසටහන් පැවැත්වෙනවා. මෙහිදී ආකල්ප සංවර්ධනය,  නායකත්ව පුහුණුව, නව ව්‍යාපාර ප්‍රවණතා ආදිය පිළිබඳ දැනුම හා පුහුණුව ලබාදීම ද සිදුකෙරෙනවා. මෙම වැඩසටහන බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහළොව තුළ ද සාර්ථකව ක්‍රියාත්මකයි. එහි එක් වැඩසටහනක් වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කේන්ද්‍ර කර ගනිමින් පසුගියදා පැවැත්වුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 8, 2018 18:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්