fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නියමිත කාලයට පෙර ජනාධිපතිවරණයක් නැහැ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 8, 2018 18:14

නියමිත කාලයට පෙර ජනාධිපතිවරණයක් නැහැ

නියමිත කාලයට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීමට තමාගේ කිසිදු සූදානමක් නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරනවා. ඉතා ඉක්මණින් ජනාධිපතිවරණයක් ලබා දෙන බවට ඇතැමුන් ප්‍රකාශ කළ ද ඒ පිළිබඳ තීරණයක් ගත හැක්කේ තමාට පමණක් බවයි ජනාධිපතිතුමා වැඩිදුරටත් පවසන්නේ. නිවිතිගල ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍ය බල මණ්ඩල රැස්වීම අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළා. මාතෘ භූමිය පිළිබඳ නිසි දැක්මක් ඇති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සංවිධාන ශක්තිය වැඩිකර ගනිමින් සාර්ථක ඉදිරි ගමනක අද නිරතව සිටින බව ද ජනාධිපතිතුමා මෙහිදී කියාසිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සහාය නොමැතිව කිසිවෙකුට හෝ තනිව ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි බව ද ජනාධිපතිතුමා අවධාරණය කළා.

රත්නපුර දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා ගංගා සහ ඇළ මාර්ගවලින් කූඩ යොදා ගනිමින් මැණික් ගැරීමට අවස්ථාව ලබා දෙන බව ප්‍රකාශ කළා. ආරක්‍ෂක හමුදාවන්ට එරෙහි චෝදනාවලින් ඔවුන් නිදහස් කර ගැනීම පිළිබඳ ජගත් සංවිධානය හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරන බව ද ජනාධිපතිතුමා මෙහිදී කියාසිටියා. රට හමුවේ ඇති අභියෝග රැසකට ඒ තුළින් විසඳුම් ලැබෙනු ඇතැයි තමා විශ්වාස කරන බවයි ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ උන්නතිය වෙනුවෙන් දීර්ඝ කාලයක් පුරා කැප වූ රත්නපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් දස දෙනෙකු ඇගයීමට ලක් කරමින් තිළිණ ප්‍රදානය ද සිදුකෙරුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. නිවිතිගල ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ කාර්යාලය විවෘත කිරීම ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. මැතිඇමතිවරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.

මේ අතර රත්නපුර නිවිතිගල දෑල මහා විද්‍යාලය, දෑල රාජකීය විද්‍යාලය ලෙස නම් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමාව සිසු දරුවන් මහත් සෙනෙහසින් යුතුවයි පිළිගත්තේ. විද්‍යාලයේ ගෘහස්ථ ක්‍රීඩාංගනය හා විද්‍යාගාරය සිසු අයිතියට පත් කෙරුණේ ද ජනාධිපතිතුමා අතින්. සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය හා ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේයි විද්‍යාලයේ සංවර්ධන කටයුතු සිදුකෙරුණේ. මැතිඇමතිවරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 8, 2018 18:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo