සංචාරක ඉන්දීයාව හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පස්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද(08)යි. තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදෙන එංගලන්තය ඊයේ (07) දිනය නිමා වන විට කඩුළු හතක් දැවී ලකුණු 198ක් ලබා ගැනීමට සමත්වුණා. තම අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කරන ඇලෙස්ටෙයා කුක් ලකුණු 71ක් ලබා ගත්තා. මොයින් අලී ලකුණු 50යි. පන්දු යැවීමේ දී ඉෂාන් ශර්මා ලකුණු 28කට කඩුළු 3ක් බිද හෙළුවා. ජස්ප්‍රිට් බුම්රා හා රවීන්ද්‍ර ජඩේජා කඩුළු 2 බැගින් දවා ගත්තා.