fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගිණි අවි 3ක් සහ ජිව උණ්ඩ 4100ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 8, 2018 11:44

ගිණි අවි 3ක් සහ ජිව උණ්ඩ 4100ක් අත්අඩංගුවට

බලපත‍්‍ර රහිත ගිණි අවි තුනක් සහ ජීව උණ්ඩ තොගයක් සමඟ සැකකරුවෙක් වෙන්නප්පුව වයික්කාල ප‍්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකින්. වායු පිස්තෝල දෙකක්, වායු රයිෆලයක් සහ ජිව උණ්ඩ පනහ බැගින් ඇසුරුම් කරන ලද පෙට්ටි 73ක් සැකකරුගේ නිවසේ තිබි සොයාගෙන තිබෙනවා. ඊට අමතරව තවත් උණ්ඩ පනහ බැගින් ඇසුරු ප්ලාස්ටික් පෙට්ටි නවයක් ද පොලිසිය භාරයට ගත්තා. ගිණි අවි සහ ජීව උණ්ඩ ළඟ තබාගැනිම සදහා සැකකරුගේ පියාට අවසරයක් තිබුන ද බලපත‍්‍රය 2003 වසරට පසුව අලුත් කර නැති බවද පරීක්ෂණ වලින හෙළිවුණා. ඒ අනුව සැකකරුට එරෙහිව නිතිමය පියවර ගන්නා බවයි වෙන්නප්පුව පොලිසිය සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 8, 2018 11:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්