fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මත්පෙති තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 8, 2018 11:16

මත්පෙති තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

මත්පෙති තොගයක් සමග තඹුත්තේගම ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. තඹුත්තේගම තම්මැන්නාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබි මත්පෙති දහසක් පමණ සොයා ගත් බවයි පොලිසිය සදහන් කළේ. සැකකරු  වයස අවුරුදු විසිහතක එක්දරු පියෙක්. සිය දියණියගේ පෙරපාසල් බෑගය තුළ සගවා තිබියදියි මත්පෙති තොගය සොයා ගෙන ඇත්තේ. සැකකරු දීර්ඝ කාලයක් තිස්සේ ඉතා සුක්ෂම ලෙස මෙම ජාවාරම පවත්වා ගෙන ගොස් තිබෙනවා.

පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින්  මත්පෙත්තක් රුපියල් පන්සියයක මුදලකට අලෙවි කිරිමට කටයුතු කර ඇති බවද වාර්තා වනවා. සැකකරු තඹුත්තේගම අධිකරණයට අද (08) ඉදිරිපත් කිරිමට නියමිතයි.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 8, 2018 11:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්