fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කේරළ ගංජා කිලෝග්‍රෑම් 284 මුහුදේ පාවෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 8, 2018 11:23

කේරළ ගංජා කිලෝග්‍රෑම් 284 මුහුදේ පාවෙයි

රුපියල් මිලියන 30ක වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 284 කට වැඩි ප්‍රමාණයක් සොයාගැනීමට නාවික හමුදාව සමත්වුණා. මෑත ඉතිහාසයේ නාවික හමුදාව සොයාගත් වැඩිම කේරළ ගංජා තොගය මෙයයි.

උතුරු මැද නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රා තුනකට අනියුක්ත නාවිකයින් පිරිසක් සිදුකළ මුර සංචාරයක් අතරතුරයි මෙම කේරළ ගංජා තොගය සොයා ගැනීමට හැකිව තිබෙන්නේ. ඉරනතිව් දූපතට ගිනිකොන දෙසින් වූ මුහුදේ පාවෙමින් තිබියදී එම කේරළ ගංජා තොගය සොයාගත් බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

ඇසුරුම් 95 ක බහා තිබූ ගංජා තොගය මුහුදට දමා ගොඩබිම වෙත රැගෙන ඒමට උත්සාහ දරා ඇති බවට සැක පළකෙරෙනවා. වැඩිදුර පරීක්ෂණ සදහා කේරළ ගංජා තොගය මුලන්කාවිල් පොලීසිය වෙත භාරදීමට නාවික හමුදාව කටයුතු කළා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 8, 2018 11:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්