fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත් ඇගයීම සඳහා වසා තබන පාසල් මෙන්න

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 8, 2018 10:01

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත් ඇගයීම සඳහා වසා තබන පාසල් මෙන්න

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත් ඇගයීමේ දෙවන අදියර ලබන 11 වනදා සිට 24 වනදා දක්වා සිදු කෙරෙනවා. අපොස උසස් පෙළ විභාගයේ පිළිතුරු පත් ඇගයීමේ දෙවන අදියරේ කටයුතු සඳහා පාසල් 24 ක් යොදා ගැනෙනවා. ඒ අතරින් පාසල් 4 ක් එම කාලය තුළ සම්පූර්ණයෙන් වසා තැබෙනවා.

ඒ අනුව කොළඹ ආනන්ද විද්‍යාලය, කලුතර ගුරුළුගෝමි මහා විද්‍යාලය, ගාල්ල සුධර්මා විද්‍යාලය සහ මාතර ශාන්ත සර්වේසස් විද්‍යාලය නැවත විවෘත වන්නේ ලබන 25 වනදායි. සෙසු පාසල් විස්සෙහි කොටසක් පමණක් වසා දමමින් ඇගයීම් සිදුකෙරෙන බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 8, 2018 10:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්