fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අනතුරක් වුණොත් අවශ්‍ය ක්‍රියාමාර්ග පරිගනක මෘදුකාංගයෙන්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 8, 2018 09:54

අනතුරක් වුණොත් අවශ්‍ය ක්‍රියාමාර්ග පරිගනක මෘදුකාංගයෙන්

ශ්‍රී ලංකා පොලීසියේ අනතුරු කළමනාකරණ දත්ත පද්ධතිය සදහා පරිගණක හා ටැබ් යන්ත්‍ර ලබාදීමේ වැඩමුළුවක් ගාලුමුවදොර හෝටලයේදී පැවැත්වුණා.

අනතුරක් සිදු වූ වහාම පොලීසිය මගින් එම තොරතුරු දත්ත පද්ධතියට ඇතුළත් කළ විට අනතුරට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනම් කිරීමට පොලීසියට හැකි වෙනවා.

ඊයේ දින කැලණිය, ගම්පහ, ගල්කිස්ස සහ නුගේගොඩ පොලිස් කොට්ඨාසවල පොලිස් ස්ථාන පනහක් සදහා ටැබ් සහ පරිගනක  ලබා දුන් අතර මේ සදහා නිලධාරීන් එකසිය හැට එක් දෙනෙකු පුහුණු කර තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය මේ සදහා ආධාර සපයා ඇති අතර මොරටුව විශ්වවිද්‍යාලය අවශ්‍ය සහාය ලබා දෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 8, 2018 09:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්