fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇගයුම පිළිබඳ ප්‍රථම ගෝලීය සමුළුව මේ මස කොළඹදී

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2018 18:00

ඇගයුම පිළිබඳ ප්‍රථම ගෝලීය සමුළුව මේ මස කොළඹදී

වගකියන පාර්ලිමේන්තු ඇගැයුම යන සංකල්පය 2030 න්‍යාය පත්‍රය සදහා ඇතුළත් කර ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සූදානම් කර ඇති බව නියෝජ්‍ය කතානායක සහ  ශ්‍රී ලංකා අන්තර් පාර්ලිමේන්තු සංසදයේ ප්‍රධානී ආනන්ද කුමාරසිරි මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු මේ බව දැනුම් දුන්නා.

ඇගයුම පිළිබඳ ප්‍රථම ගෝලීය සමුළුව ඉවැල් කලම්බූ  2018 මේ මස 17 සිට 19 වැනි දින දක්වා ශ්‍රි ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. රටවල් රැසක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 100කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් එය පැවැත්වීමට නියමිතයි.

මෙම සමුළුවේදී ශ්‍රී ලංකාවේ ජාතික ඇගැයිම් ප්‍රතිපත්තිය දියත් කිරීම මෙරට ඇගයුම් පිළිබද ඉතිහාසයේ ප්‍රධාන සන්ධිස්ථානයක් වනු ඇති. මේ පිළිබද වැඩිදුරටත් අදහස් දක්වන ශ්‍රී ලංකා අන්තර් පාර්ලිමේන්තු සංසදයේ ප්‍රධානී නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2018 18:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්