fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකා ආරක්ෂක ලේකම් හදිසි සංචාරයක් සදහා ඇෆ්ගනිස්ථානයට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2018 16:09

ඇමෙරිකා ආරක්ෂක ලේකම් හදිසි සංචාරයක් සදහා ඇෆ්ගනිස්ථානයට

ඇමෙරිකා ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් හදිසි සංචාරයක් සදහා ඇෆ්ගනිස්ථානයට පැමිණ සිටිනවා. ජේම්ස් මැටිස් මෙම සංචාරයේ නිරත වන්නේ ඇෆ්ගනිස්ථානය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව ප්‍රතිපත්තිය පිළිබද කරුණු සොයා බැලීමටයි. ඇමෙරිකා ආරක්ෂක ලේකම්වරයා ඇෆ්ගන් ජනාධිපති අශ්රෆ් ගානී සහ ඇෆ්ගනිස්ථානයේ ඇමෙරිකානු හා නේටෝ හමුදා අණදෙන නිලධාරී ජෙනරල් ස්කොට් මිලර්ද මුණගැසීමට නියමිතයි. ඇෆ්ගන් හමුදාව තලෙයිබාන්වරුන් හමුවේ පසුබෑමකට ලක්ව සිටින අවස්ථාවක ඇමෙරිකා ආරක්ෂක ලේකම්වරයා ඇෆ්ගනිස්ථානයේ සංචාරයක නිරතවීම  විශේෂත්වයක්.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2018 16:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්