ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත් දෙනෙකුට එරෙහි නඩුව ලබන 10 වනදා විශේෂ මහාධිකරණයේ දී විභාගයට ගැනීමට නියමිතයි. ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති මෙම නඩුව පිළිබද කටයුතු අද (07) අවසන් කෙරුණා.
ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් රුපියල් මිලියන 48 ක් සාවද්‍ය පරිහරණය කළ බවට සැකකරුවන්ට චෝදනා එල්ලවී තිබෙනවා. මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අද (07) කැදවූවා. එහිදී මූල්‍ය අපරාධ කොට්ඨාසය දන්වා සිටියේ මෙම නඩුවට අදාළව විත්තිකරුවන්ට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර ඇති බවයි. ඒ අනුවයි මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු අවසන් කෙරුනේ. ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත් දෙනෙකුට ලබන මස 10 වනදා ස්ථීර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කෙරුණේ පසුගිය 27 වනදායි. මෙය ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ දෙවන නඩුවයි.
මෙහි සෙසු විත්තිකරුවන් වන්නේ හර්ෂාන් ද සිල්වා, කේමින්ද ආටිගල, ඒබ්‍රහම් ගලප්පත්ති, භද්‍රා උදුලාවතී,මහින්ද සාගල සහ මල්ලිකා කුමාරි සේනාධීර යන අයයි. සාපරාධී විශ්වාසය කඩ කිරීම, කුමන්ත්‍රණය, ඊට අනුබල දීම ආදී චෝදනා යටතේ මොවුන්ට අධි චෝදනා ගොනුකර තිබෙනවා. එම අධිචෝදනාවලට අදාළ ලේඛන ඇතුළු නඩු භාණ්ඩ 105 ක් සහ විගණන වාර්තාවක් නීතිපතිවරයා ඇතුළත්කර තිබෙනවා. මේ සදහා සාක්ෂිකරුවන් 80 දෙනෙකු ද නම්කර තිබෙනවා.