fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොඩයි ප්‍රශ්ණයට විසඳුම්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2018 13:40

කොඩයි ප්‍රශ්ණයට විසඳුම්

ඌව පරණගම – බඹරපාන ප්‍රදේශයේ ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වූ කෘමි උවදුර මර්දනය කිරීමට පියවර ගැණුනා. ඒ ITN පුවතක් ඵලදරමින්.

මේ පිළිබඳව අයිටීඑන් ප්‍රවෘත්ති ඔස්සේ පසුගියදා අනාවරණය කළා. ඉන් අනතුරුවයි කෘෂි නිලධාරීන්ගේ අවධානය මේ සදහා යොමු වුණේ. කොඩයි නමින් හඳුන්වන කෘමි විශේෂය ශීඝ්‍රයෙන් ප්‍රදේශය පුරා ව්‍යාප්තව තිබුණා. ගම්මිරිස්, කෝපි, පුවක් හා කෙසෙල් ආදී වගාවන් තුළද කෘමි උවදුර දැකිය හැකියි.

මේ හේතුවෙන් ප්‍රදේශයේ ගොවි ජනතාව මහත් අපහසුතාවකට පත්ව සිටියා. බඹරපාන කෘෂිකර්ම උපදේශක අසංක මධුෂාන් මහතාගේ උපදෙස් පරිදි බණ්ඩාරවෙල කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානයේ නිලධාරීන් කෘමි උවදුර වළක්වා ගන්නා ආකාරය පිළිබඳව පුහුණුවක් ප්‍රදේශවාසීන්ට ලබාදුන්නා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2018 13:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්