fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පන්තිකාමරයක තබාගත යුත්තේ ගුරුවරුන්ට හැසිරවිය හැකි ළමුන් සංඛ්‍යාවක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2018 13:38

පන්තිකාමරයක තබාගත යුත්තේ ගුරුවරුන්ට හැසිරවිය හැකි ළමුන් සංඛ්‍යාවක්

පන්තිකාමරය තුළ තබාගත යුත්තේ ගුරුවරුන්ට හැසිරවිය හැකි පරිදි ළමුන් සංඛ්‍යාවක් බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. ළමයින් සමඟ කටයුතු කිරීමේදී මනෝ විද්‍යාව, සමාජ විද්‍යාව ආදිය ගුරුවරුන් හොඳින් දැන සිටිය යුතු බවයි ඒ මහතා වැඩිදුරටත් කියාසිටියේ.

කොළඹ ලුම්බිණි විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණා. දක්ෂතා දැක්වූ සිසුදරුවන් 260 දෙනෙකු සදහා මෙහිදී සහතිකපත්‍ර බෙදාදුන්නා. විදුහල්පති කේ ජී විමලසේන මහතා සහ ගුරුවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2018 13:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo