බ්‍රසීලයේ ජනාධිපති අපේක්ෂකයෙකු වන ජෙයර් බොල්සනාරෝ මැතිවරණ ප්රචාරක රැළියක් අතරතුර පිහි ඇනුමකට ලක්ව තිබෙනවා. ප්‍රහාරය හේතුවෙන් ඔහුගේ අක්මාවට දැඩි හානි සිදුව තිබෙනවා. ඔහුව ශල්‍යකර්මයකට ලක්කළ බවද සදහන්. බොල්සනාරෝගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මතභේදකාරී දේශපාලනඥයෙකු ලෙස හදුන්වන බොල්සනාරෝ හිටපු හමුදා නායකයෙකු ද වනවා. ඔහු 1980 දී දේශපාලනයට පිවිසියේ හමුදා නිලධාරීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහායි.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/brazil-election-Jair-Bolsonaro-stabbed-latest-updates-1014126.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/103328025_049100543.jpg”]