fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කුඹුරු පුරන් වෙන්න හරින අයිතිකරුවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2018 10:39

කුඹුරු පුරන් වෙන්න හරින අයිතිකරුවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග

පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික වැඩසටහන ලබන සදුදා ආරම්භ කෙරෙනවා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොටදීයි.

දැනට පුරන් කුඹුරු එක්ලක්ෂ හතලිස්දහසක් හදුනාගෙන තිබෙනවා. ඉන් එක්ලක්ෂ දාහතර දහසක් වගාකළ හැකියි. පසුගිය වසරේදී කුඹුරු අක්කර විසිහය දහසක් වගා කිරීමට පියවර ගැණුනා. ඉදිරි මහ කන්නට වනවිට සියලු පුරන් කුඹුරු අස්වැද්දීම අරමුණ බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ. ඊට විධිමත් වැඩපිළිවෙළක් සැකසෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඊට එක්වනවා. ජාතික වැඩපිළිවෙළ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙන බවයි අමරවීර මහතා සදහන් කරන්නේ.

පුරන් කුඹුරු අස්වැද්දීමට තරුණයන්ගේ සහාය ලබා ගැනෙනවා. ශ්‍රී ලංකා යුද හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය ආදියේ දායකත්වය ද ලබාගැනීමට තීරණය කර තිබෙනවා.

අයිතිකරුවන් හිතාමතා  කුඹුරු අස්වැද්දීම නොකරන්නේ නම් ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව මහින්ද අමරවීර මහතා අවධාරණය කළා. කුඹුරු ඉඩම් හිමියන් කිහිප දෙනෙකුට සිහි කැදවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. ලබන වසරේදී වී අස්වැන්න වැඩිවන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා. මොරගහකන්ද – කළුගග ජලාශ මගින් අඛණ්ඩව ජලය ලබාදීමයි ඊට හේතුව.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2018 10:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo