fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බිල් ක්ලින්ටන් නිසා මොනිකා ලෙවෙන්ස්කි යළි අපහසුතාවයට..

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2018 08:30

බිල් ක්ලින්ටන් නිසා මොනිකා ලෙවෙන්ස්කි යළි අපහසුතාවයට..

ඇමරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් සහ මොනිකා ලෙවෙන්ස්කි කියන්නේ කාලයක් කතාබහ වුණ එකට ඈදුණ නම් දෙකක්. මොනිකා ලෙවෙන්ස්කි සම්බන්ධයෙන් විවිධ පුවත් කලින් කලට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. පසුගිය ඉරිදා මොනිකා ජෙරුසෙලම් නගරයේදී සහභාගී වූ රූපවාහිනි වැඩසටහනකදී වූ සිදුවීමක් සම්බන්ධයෙන් විවිධ මත පළ වුණා.

එහිදී වැඩසටහන මෙහෙයවූ යොනිට් ලෙවී විසින් ඇයගෙන් හිටපු ඇමරිකානු ජනාධිපතිවරයා පිලිබඳව ප්‍රශ්නයක් විමසා සිටියා. ඒ මීට වසර 25ට පමණ පෙර සිදු වූ සිදුවීමක් සම්බන්ධයෙනුයි.

“පුද්ගලිකව හෝ ක්ලින්ටන් ජනාධිපතිවරයා පාපොච්චාරණයක් කළහොත්, සමාව ඇයැද සිටියහොත් ඔබ සමාව දෙනවාද? “ යොනිට් ලෙවී මොනිකාගෙන් විමසුවා. ඒ මොහොතේ ම ඇය ඉතාම සංයමයෙන් මෙහෙම පිළිතුරක් දුන්නා.

“කණගාටුයි, මට තවත් මේ සංවාදය ඉදිරියට ගෙන යාමේ හැකියාවක් නැහැ.” එසේ කියමින් ඇය වේදිකාවෙන් ඉවත් වුණා.

බිල් ක්ලින්ටන් මහතා ජනාධිපති ධුරයේ සිටි සමයේදී ඔහු හා මොනිකා ලෙවෙන්ස්කි අතර ප්‍රේම සම්බන්ධයක් තිබූ බව ප්‍රසිද්ධ රහසක්. ඒ සම්බන්ධයෙන් මේ දෙදෙනාම විවෘත අදහස් පසුකාලීනව ප්‍රකාශ කර තිබුණා. නමුත් මේ පිළිබඳව නැවත නැවතත් කතා කිරීම ඒ තරම් සුදුසු නැති බවයි මොනිකා ලෙවෙන්ස්කි කියා තිබුණේ.

” මේ ලෝකයේ හැම ගැහැණියක් ම තමන් වෙනුවෙන් නැගී සිටිය යුතුයි. ඒ වගේම වෙනත් කෙනෙක් ට තමන්ගේ දේවල් වෙනස් කරන්නත් ඉඩ නොදිය යුතුයි”

ට්විටර් පණිවුඩයක් ඔස්සේ මොනිකා කිව්වේ එහෙම අදහසක්.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2018 08:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්