fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෙළෙද සේවා වොලිබෝල් ශූරතාවලියේ මූලික වටයේ තරග පැවැත්වෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 6, 2018 15:52

වෙළෙද සේවා වොලිබෝල් ශූරතාවලියේ මූලික වටයේ තරග පැවැත්වෙයි

හත්වන වෙළෙද සේවා වොලිබෝල් ශූරතාවලියේ මූලික වටයේ තරග මහරගම තරුණ සේවා සභා එළිමහන් ක්‍රීඩා පිටියේදී දින දෙකක් පුරා පැවැත්වුණා. කාණ්ඩ තුනක් යටතේ කාන්තා හා පිරිමි වශයෙන් තරග පැවැත්වෙනවා. පිරිමි කණ්ඩායම් පනස් අටක් හා කාන්තා කණ්ඩායම් විසිහයක් ඊට එක්ව සිටිනවා. පිරිමි ඒ කාණ්ඩයේ අවසන් මහා තරගය සදහා එස්කිමෝ කණ්ඩායම හා ඔමේගාලයින් කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තා. පිරිමි ශූරතා කාණ්ඩයේ අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගත්තේ එක්ස්ෆෝ ලංකා කණ්ඩායම හා ඕෂන් ලංකා කණ්ඩායමයි. කාන්තා ඒ කාණ්ඩයේ අවසන් මහා තරගය සදහා මැලිබන් බිස්කට් කණ්ඩායම හා යුනිචෙරා පානදුර කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තා. කාන්තා ශූරතා කාණ්ඩයේ අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගත්තේ ඔමේගා ලයින් කණ්ඩායම හා මාස් කැෂුවලයින් කණ්ඩායමයි. තරගාවලියේ අවසන් වටයේ තරග ලබන 10 වනදා මහරගම තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාපිටියේදී පැවැත්වීමට නියමිතයි. වෙළෙදසේවා වොලිබෝල් සංගමය සංවිධාන කරන තරගාවලියට මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ අයිටීඑන් මාධ්‍යජාලයයි.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 6, 2018 15:52

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්