වැඩබලන අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. සිසිර ද ආබෘෘ මහතා අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.
මේ අතර වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස අභියාචනාධිකරණ විනිසුරු ගාමිණි රෝහන් අමරසේකර මහතා ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.
ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.