ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකක් සිදුවුණා. ඉන් විසිදෙනෙකු මිය ගොස් හැත්තෑ දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
කාබුල් අගනුවර රෙස්ලින් ක්‍රීඩා සමාජයකයි ප්‍රහාරය සිදු වුණේ. එම ක්‍රීඩා සමාජය ආසන්නයේ පළමු පිපිරුම සිදු වූණා. ඉන් පුද්ගලයින් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. පළමු ප්‍රහාරයෙන් ආපදාවට පත්වූන්ට සහන සැලසීමට පැමිණි මෝටර් රථයකටයි දෙවන බෝම්බ ප්‍රහාරය එල්ල වුණේ. එම ප්‍රහාරයෙන් මිය ගිය අය අතර මාධ්‍යවේදීන් දෙදෙනෙකු ද වනවා. මෙම ප්‍රහාරයේ වගකීම කිසිවෙකුත් භාර ගෙන නැහැ.