fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජේ බී කුණාටුවෙන් බැටකෑ ජපානයට ප්‍රබල භූ කම්පනයක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 6, 2018 10:07

ජේ බී කුණාටුවෙන් බැටකෑ ජපානයට ප්‍රබල භූ කම්පනයක්

ජේ බී සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වූ ජපානයට ඊයේ රාත්‍රියේ ප්‍රබල භූ කම්පනයක් සිදු වුණා.

ජපානයේ හොකයිඩෝ දූපතේයි මෙලෙස භූ කම්පනයක් සිදුව ඇත්තේ. එහි ප්‍රබලත්වය රිච්ටර් පරිමාණ හයයි දශම හතක් ලෙසයි සදහන් වුණේ. පුද්ගලයින් තිස් දෙනෙකු පමණ අතුරුදන් වී ඇති අතර 120 දෙනෙකු තුවාල ලබා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. හොකයිඩෝ දූපතේ මිලියනයකට ආසන්න ජනතාවකට විදුලි සැපයුමද ඇණ හිට තිබෙනවා. නිවාස සහ දේපළ රැසකට හානි සිදුව ඇති බව ද සදහන්. භූ කම්පනයත් සමග නාය යෑම් ද වාර්තා වනවා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 6, 2018 10:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්