fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රන්ජන්ගේ නඩුවට අධිකරණය දින නියම කරයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 5, 2018 19:37

රන්ජන්ගේ නඩුවට අධිකරණය දින නියම කරයි

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කළ බවට වන නඩුව විභාගයට ගැනීමට අධිකරණය දින නියම කළා. දෙසැම්බර් මස 10, 11 සහ 12 එම දිනයන්.

මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයකින් අධිකරණයට සහ නීතීඥවරුන්ට අපහාසයක් වූ බවටයි ඒ මහතාට චෝදනා එල්ලවී තිබෙන්නේ. මාධ්‍යවේදීන් පස් දෙනෙකු ඇතුළු සාක්ෂිකරුවන්ට මීළග දින අධිකරණයේ පෙනී සිටීමට සිතාසි නිකුත් කළා. අදාළ ප්‍රකාශය ඇතැම් මාධ්‍ය ආයතන නැවත නැවත විකාශය කරනවා. ඒ තුළින් අධිකරණයට අපහාසයක් වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කියා සිටියා. එම ආයතනවලට එරෙහිව ද අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට නඩු පැවරිය යුතු බවයි ඔහු කියාසිටියේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 5, 2018 19:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්