ඇමෙරිකා සාම බලකායේ ස්වෙච්ඡා සම්පත් දායකයින් තවත් පිරිසක් මෙරටට පැමිණෙනවා. ශ්‍රී ලංකාව තුළ ඉංග්‍රීසි භාෂාව ප්‍රචලිත කිරීම අරමුණයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයෙනුයි ඔවුන් පැමිණෙන්නේ. ඇමෙරිකා සාම බලකාය, ස්වෙච්ඡා වැඩසටහන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට එකඟතාව පළකර තිබෙනවා. ඊට අදාළ ද්වීපාර්ශ්වික ගිවිසුමට ලබන පෙබරවාරි මාසයේදී අත්සන් තැබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සැළසුමයි. සිය දෙනෙකුගෙන් සමන්විත ස්වෙච්ඡා සම්පත් දායකයින් පිරිසක් ඊට එක්වනවා. අධ්‍යයන කටයුතු ආරම්භ වන්නේ 2020 වසරේදීයි. ඇමෙරිකා සාම බලකාය යළි ශ්‍රී ලංකාව තුළ සේවය ආරම්භ කිරීම, දෙරට අතර මිත්‍ර සම්බන්ධතා වර්ධනයවීමට හේතුවනු ඇති.