නිදන් සොරුන්ට බිලි වූ නීලගිරි සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ
Related Articles
දිවයින පුරා පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂනය කිරීමේ කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ දිනවල සිදු කෙරෙමින් පවතිනවා.
මොණරාගල පොතුවිල් මාර්ගයේ පිහිටා ඇති නීලගිරි මහා සෑය අඩි හැත්තෑ තුනක උසකින් සමන්විතයි. මෙම චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ දිනවල සිදු කෙරෙනවා. එම කටයුතු දැක බලා ගැනීමට දිනපතා විශාල පිරිසක් පැමිණෙන ආකාරයද දැකගත හැකියි. නිදන් සොරුන්ට බිලි වි තිබූ මෙම දාගැබ සංරක්ෂණය කිරීම තුළින් එය වැද පුදාගැනීමට මෙන්ම ඉතිරිව ඇති ඓතිහාසික පුරාවස්තු මතු පරපුරට උරුම කර දීමට හැකි වනවා.