fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාස්කෝ 2018 සම්මාන උළෙල උත්කර්ෂවත්ව

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 5, 2018 11:47

මාස්කෝ 2018 සම්මාන උළෙල උත්කර්ෂවත්ව

දක්ෂයන් ඇගයෙන මාස්කෝ 2018 සම්මාන උළෙල කොළඹදී උත්කර්ෂවත්ව පැවැත්වුණා. ලංකා ජනසන්නිවේදකයින්ගේ සංගමය 18 වන වරටයි මාස්කෝ 2018 සම්මාන උළෙල සංවිධාන කර තිබුණේ. මාධ්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම විවිධ නිර්මාණකරණයන්හි නිරත වූවන් මෙහිදී ඇගයීමට ලක් කෙරුණා. රාජ්‍ය සේවය සහ ව්‍යාපාරික ක්ෂේත්‍රය ඇතුළු අංශ ගණනාවක දක්ෂයින් ද ඇගයීමට ලක් කෙරුණු මෙම සම්මාන උළලේ ප්‍රධාන ආරාධිතයා වූයේ කතානායක කරූ ජයසූරිය මහතායි. අයිටීඑන් හි කළමනාකාරවරයෙකු වන ධම්මික යටිකිද මහතාටද මෙහිදී සම්මානයක් පිරිනැමුණා. අයිටීඑන් ආයතනයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ සහ මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් ධනුෂ්ක රාමනායක මහතා ද මෙහිදී සම්මානයට පාත්‍ර වුණා. ඇමති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 5, 2018 11:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්