ජගත් ආරක්ෂක මණ්ඩලය කැඳවීමට ඇමරිකාව තීරණය කළා. ඉරානය පිළිබඳවයි අවධානය යොමුව තිබෙන්නේ. ඉදිරි දින කිහිපය තුළ ඇමරිකාවේ සභාපතීත්වයෙන් එය රැස්වන බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළා. න්‍යෂ්ටික ඇතුළු අනෙකුත් ක්‍රියාකාරකම් හේතුවෙන් ගැටලු රැසක් මතුව තිබෙනවා. ඒ පිළිබඳ විශේෂ අවධානය යොමුකර ඇති බවත් ඇමරිකාව ප්‍රකාශ කළා.