රටවල් 28ක සහභාගිත්වයෙන් පැවැත්වෙන ජාත්‍යන්තර සුනාමි පෙර පුහුණු වැඩසටහන සඳහා ශ්‍රි ලංකාවද සම්බන්ධ වෙමින් අද දින (05) පෙ.ව 8.30 ට සුනාමි පෙරහුරුවක් පැවැත්වේ.
ඒ අනුව ශ්‍රි ලංකාවේ මුලතිව්, අම්පාර, සහ ගාල්ල යන දිස්ත්‍රික්ක මේ සඳහා තෝරාගෙන ඇති අතර, ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව ප්රාදේහීය ලේකම් කොට්ඨාශය තුළ ස්ථාපිත සුනාමි කළුණු 03ක් ආශ්‍රිතව මෙම පෙරහුරුව පැවත්විමට සියළු කටයුතු සුදානම් කර තිබෙනවා.
තෙල්වත්ත රජමහාවිහාරය,හික්කඩුව නගර මධ්‍යය සහ රත්ගම රත්නොදයාරාමය යන ස්ථානයන්හි මෙම පෙරහුරු පැවත්වෙන් සුනාමි කුළුනු ස්ථාපිතය. 2004 වසරේ ඇති වූ සුනාමි අනතුරින් දැඩි හානි ගාල්ල හික්කඩුව බල ප්‍රදේශයට ඇති විය.මෙනිසා මෙවර මෙම සුනාමි පෙරහුරුව පාසලක්, ග්‍රාම සේවා වසමක්, ආගමික සිද්ධස්තානයක් සහ සංචාරක හෝටලයක් ඉලක්ක කර ගනිමින් පැවැත්විමට යොජිතය. මෙහිදි දේශීය මෙන්ම විදේශික සංචාරකයින්ද මෙම සුනාමි පෙරහුරුවට සක්‍රියව දායක කර ගැනිමට අපේක්ෂිතය.
මෙම පෙරහුරුව පැවත්වෙන සුනාමි කුළුනු 03 ට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති සුනාමි කුළුනු 08 එකම වේලාවක් තුළ නාද විමට නියමිත අතර, එබැවින් ප්‍රජාවට කලබල විම අනවශ්‍ය බවත් ඉන් අපේක්ෂා කරන්නේ, එහි කාර්යක්ෂමතාවය මැන බැලිම බවත් මෙම දැනුවත් කිරිමේ අවස්තාවට එක්වූ ආපදා කළමනාකරණ මධ්‍යස්තානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රදිප් කොඩිප්පිලි මහතා සඳහන් කර සිටියේය.
මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ පෙර පහුණු සඳහා සහභාගි විම මගින් මෙරට ආපදා කළමනාකරණ වැඩසටහන් සඳහා ඉහළ වටිනාකමක් මෙන්ම ඇගයිමක්ද හිමිවේ. මෙම පෙර පුහුණු වැඩසටහන සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය, ආපාදා කලමණාකරණ අමාත්‍යංශය , ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ රාජ්‍ය නොවන ආයතන රැසක්ද සහභිගි විමට නියමිතය.