fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජේබි සුළි කුණාටුව 9 දෙනෙකු බිලිගනී

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 5, 2018 09:59

ජේබි සුළි කුණාටුව 9 දෙනෙකු බිලිගනී

වසර 25 කට පසු ජපානයට බලපෑ ප්‍රබලතම සුළිකුණාටුව වන ජේබි සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. පුද්ගලයින් 200 කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා.

කුණාටුව හේතුවෙන් මිලියනයකට අධික නිවාස සංඛ්‍යාවකට විදුලි සැපයුමද ඇණහිට තිබෙනවා. බටහිර ජපානයේ ගුවන් ගමන් ද තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත්තා. එමෙන්ම ගුවන් මගීන් වෙනත් ගුවන් තොටුපල කරා යොමුකිරීමට බලධාරීන් කටයුතු කළා. සුළි කුණාටුව හේතුවෙන් ඔසාකා , කියෝතෝ සහ කෝබේ නගර වලට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි එරට වාර්තා සදහන් කරන්නේ. සුළි කුණාටුවෙන් බලපෑම් එල්ලවී තිබෙන ප්‍රදේශවල පාසල් , රජයේ ආයතන සහ කර්මාන්ත ශාලා සියල්ල වසා දැමීමටයි ජපාන බලධාරීන් පියවර ගත්තේ.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 5, 2018 09:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්