කොළඹ බ්ලුමැන්ඩල් කුණු කන්දේ හදිසි ගින්නක් හටගත්තා. එය පාලනයට කටයුතු කරමින් සිටින බවයි ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව සදහන් කළේ. ගිනිනිවීමේ රථ දෙකක් සහ කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු එම ස්ථානයට යොමුකර තිබෙනවා. ගින්න මැඩපැවැත්වීමට පොලිසියේ සහාය ද හිමිව ඇති බව දෙපාර්තමේන්තුව සදහන් කළා.