දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.උතුරු පළාතේ සහ මාතලේ, හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පොතුවිල් ප්‍රදේශයේත් විටින් විට හමන පැ.කි.මී. 40-50 දක්වා තරමක තද සුළං ඇතිවිය හැක.දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. හෙට දින (05) දහවල් 12.08 රත්මලාන, පරකඩුව, මඩහින්න, බණ්ඩාරවෙල, හිඟුරුකඩුව සහ ඇතිමලේ යන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.දිවයින වටා වන මුහුදු ප්‍රදේශවලසුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 25-35 පමණ වේ.හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ මන්නාරම සිට කන්කසන්තුරේදක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලසුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40-50 දක්වා වැඩිවීමේ හැකියාවක් පවතී.එවිට, එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.