ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සිරියා රජයට සහ ඔවුන්ට සහාය දක්වන රුසියානු සහ ඉරාන අංශවලට නැවතත් අනතුරු අගවා තිබෙනවා. ඒ ඉඩ්ලිබ් පළාතට නොසැළකිලිමත් ප්රහාර එල්ල කිරීමේ සූදානමට එරෙහි වෙමින්. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඩොනල්ඩ් ට්රම්ප් කියා සිටියේ මෙම ප්රහාරය සිය ගණනක් සිවිල් ජනතාව ඝාතනය විය හැකි බරපතල මානව හිතවාදී වැරැද්දක් විය හැකි ලෙසයි.
සිරියා ජනාධිපති බෂර් අල් අසාද් ඉඩ්ලිබ් පළාත යළි අත්පත් කර ගැනීම සදහා ප්රතිප්රහාරයක් සුදානම් කරන බවට පසුගියදා වාර්තා පළ වුණා. මෙයට ප්රතිචාර ලෙසයි ඩොනල්ඩ් ට්රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව කියා සිටියේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයද මීට ප්රතිචාර දක්වමින් කියා සිටියේ මෙවැනි ප්රහාරයකින් සිවිල් වැසියන්ට විනාශකාරී ප්රතිඵල අත්වනු ඇති බවයි.