අප්‍රිකාවේ බොට්ස්වානා ප්‍රසිද්ධ වනජීවි අභයභූමියක් ආසන්නයේ තිබී අලිඇතුන් 90 කට ආසන්න සංඛ්‍යාවකගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා.
බොට්ස්වානා ලොව විශාලතම අලි ගහනය සහිත රාජ්‍යයයි. අලි ඇතුන් 87 දෙනෙකු පමණ මෙලසෙ මිය ගොස් තිබෙනවා. දළ ලබා ගැනීම සදහා අලිඇතුන් ඝාතනය කර ඇති බවටයි සැක කෙරෙන්නේ. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කෙරෙන අතර එහිදී හෙළි වී ඇත්තේ පසුගිය සති කිහිපය ඇතුළත අලිඇතුන් මිය ගොස් ඇති බවයි. මීට මාස තුනකට පෙර මියගිය සුදු රයිනෝසිරස් සත්වයන්ගේ සිරුරු 05 ක් එම ප්‍රදේශයේ තිබී හමුවුණා.