අන්තර් පාර්ලිමේන්තු වගකීම විෂය කරගත් ඉහළ පෙළේ පාර්ලිමේන්තු සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීමට අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට ආරාධනා කර තිබෙනවා. නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී සමුළුව අද පැවැත්වෙනවා.
එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක ක්‍රියාවට නැංවීම සහ ගෝලීය චර්යාධර්ම ස්ථාපිත කිරීමෙහිලා අන්තර් පාර්ලිමේන්තු වගකීම විෂයකරගත් ඉහළපෙළේ සමුළුවට සහභාගිවීමට අමාත්‍යවරයා දිවයිනෙන් පිටත්ව ගියා. එක්සත් ජාතීන්ගේ අන්තර් පාර්ලිමේන්තු සංසදයයි මෙය සංවිධාන කරන්නේ. ගෝලීය සාමය ස්ථාපිත කිරීම සහ එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක සපුරාගැනීමෙහිලා පාර්ලිමේන්තු කාර්යභාරය යන මාතෘකාව යටතේ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතයි. ගෝලීය සාම සංස්කෘතිය ස්ථාපිත කිරීමෙහිලා වූ එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ සමුළුව හෙට පැවැත්වෙන අතර අමාත්‍යවරයා ඊට ද සහභාගිවනවා.