ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමඟ සාකච්ඡා කර ක්‍රීඩා රොගුලාසි සංශෝධනය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහා නිලවරණය පැවැත්වීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ලේකම්වරයෙකු වන නිශාන්ත රණතුංග මහතා ගොනුකළ රීට් පෙත්සමක් කැදවූ අවස්ථාවේයි අමාත්‍යවරයා මේ බව කියාසිටියේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය තේරීමේ නිලවරණය පැවැත්වීම වළක්වාලමින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය අත්හිටුවීමට අභියාචනාධිකරණය මීට පෙර නියෝග කළා.
පසුගිය මැයි 31 වනදා පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සදහා තරග කරන වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතාගේ නාමයෝජනාව නීතියට පටහැනි බවයි පෙත්සම්කරු ප්‍රකාශ කරන්නේ. ඔහු අදාළ තනතුර සදහා තරග කළහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව හා ක්‍රීඩා පනතේ ප්‍රතිපාදන උල්ළංගනය වන බව පෙත්සම්කරු පවසනවා. පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඔක්තෝබර් මස 5 වනදා ගොනුකල හැකි අතර නොවැම්බර් 30 වනදා පෙත්සම විභාගයට ගැනීම නියමිතයි.