fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමිට ඇප

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 3, 2018 18:19

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමිට ඇප

අධිකරණයට ඉදිරිපත් වූ පූජ්‍ය බෙංගමුවේ නාලක ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේ සිව්නමක ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

පසුගිය 2016 වසරේදී පැවති ආබාධිත රණවිරු උද්ඝෝෂණයක් අතරතුරු රාජ්‍ය දේපලවලට හානි කිරීමේ චෝදනා මත භික්ෂූන් වහන්සේ සිව් නමක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කළා. පූජ්‍ය බෙංගමුවේ නාලක , පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස , පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත සහ පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක යන ස්වාමීන් වහන්සේ සිව් නමටයි මෙම චෝදනා එල්ලවී තිබෙන්නේ. උන්වහන්සේ අද අධිකරණයට ඉදිපත් වූ අතර ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 3, 2018 18:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo