ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කොළඹ කණ්ඩායම සමත් වුණා. එහි අනුශූරතාව හිමි වුණේ දඹුල්ල කණ්ඩායමටයි. කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවති අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 08 ක් දැවී ලකුණු 163 ක් ලබා ගැනීමට සමත් වුණා.
රමිත් රඹුක්වැල්ල ලකුණු 57 යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ කණ්ඩායමට නායකත්ව ඉනිමක් ක්‍රීඩා කරමින් උපුල් තරංග නොදැවී ලකුණු 104 ක් ලබා ගත්තා. මේ අනුව පන්දුවාර 18 යි පන්දු දෙකකදී කඩුලු 03 ක් පමණක් දැවී ලකුණු 167 ක් ලබා ගනිමින් තරගය පහසුවෙන් ජයගැනීමට කොළඹ කණ්ඩායම සමත් වුණා.